• No products in the cart.

2/3 ආවර්ත වලට අයත් මූල ද්‍රව්‍ය වල භෞතික ලක්ෂණ

දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය අතරින් වැඩිම ද්‍රවාංක / තාපාංක කාබන් මුලද්‍රව්‍යයට පවතින අතර ඊට හේතුව කාබන් ස්වභාවයේ පවතින ස්ථායිම ස්වරූපය වන මිනිරන්හි සංකීර්ණ සම පරමාණුක දැලිස් ව්‍යුහයක් පැවතීමයි.

Li හා Be හිදී තරමක් ඉහල ද්‍රවාංක / තාපාංක දක්නට ලැබෙන අතර ඊට හේතුව වන්නේ ඒවායේ අභ්‍යන්තර ව්‍යුහය ලෙස පවතින තරමක සංකීර්ණ ලෝහක බන්ධන ව්‍යුහ ආකෘතියයි. කෙසේ නමුත් සචල ඉලෙක්ට්‍රෝන වලාවේ ඝනත්වය වැඩිවීමත් , දැලිසය තුළ ස්ථානගත කැටායනවල අරය අඩුවීමත් නිසා Li ට සාපේක්ෂව Be හි ලෝහක බන්ධනය ප්‍රබලවන බැවින් Be හි ද්‍රවාංක / තාපාංක තරමක් Li ට වඩා වැඩිවේ.

බෝරෝන් මුලද්‍රව්‍ය සාමාන්‍ය අලෝහයක් වුවද එහි ද්‍රවාංක / තාපාංක ඉහළ අගයක් ගනී. මීට හේතුව B හිදිද ක්‍රමානුකූල මෙන්ම සම පරමාණුක වූ ස්ඵටික ව්‍යුහයක් පැවතීමයි.

N සිට Ne දක්වා මූලද්‍රව්‍යවල සරල ව්‍යුහ (ඒක පරමානුක හෝ ද්වී පරමාණුක ) පවතින නිසා අඩු ද්‍රවාංක /තාපාංක දක්නට ලැබෙන අතර වැන්ඩවාල්ස් බල දුර්වල වීම නිසා N සිට Ne දක්වා අනුපිළිවෙළට ද්‍රවාංක /තාපාංක අඩු වී යයි.

තුන්වන ආවර්තයේ මූලද්‍රව්‍ය අතරින් වැඩිම ද්‍රවාංක / තාපාංක වලට හිමිකම් කියන මූලද්‍රව්‍යයේ Si වන අතර එයට හේතුව Si හි පවතින සම පරමාණුක දැලිස් ව්‍යුහයයි.

Na සිට Al දක්වා මූලද්‍රව්‍ය වැඩි පරාසයේ ද්‍රවාංක / තාපාංක පෙන්වන අතර සචල ඉලෙක්ට්‍රෝන වලාවේ ඝනත්වය වැඩිවීමත්, දැලිස තුළ පවතින කැටායනවල අරය අඩුවිමත් හේතුවෙන් මෙලෙස ඉහල පරාසයේ ද්‍රවාංක / තාපාංක පෙන්වීමට හේතුවන ලෝහක බන්ධන ප්‍රභලතාවය වැඩිවීම නිසා ද්‍රවාංක /තාපාංක අනුපිළිවෙළින් වැඩිවි යයි.

P හා S යන මූලද්‍රව්‍ය ද්විත්වය අඩු පරාසයේ ද්‍රවාංක / තාපාංක දැක්වුවද බොහෝසෙයින් අඩු ඍණ වටිනාකම් නොපෙන්වනුයේ තරමක් සංකීර්ණ බහු පරමානුක අණුක ව්‍යුහ සෑදීම නිසයි.

Cl හා Ar හි පවතින ඒක පරමාණුක ද්වීපරමාණුක ව්‍යුහ හේතුවෙන් ඉතාම අඩු ද්‍රවාංක / තාපාංක දක්නට ලැබෙන අතර Ar හිදි අවම වේ.

කිසියම් තෝරාගත් රසායනික ප්‍රභේදයකදී, අවධානයට ලක් වූ පරමාණුවක න්‍යෂ්ටියෙහි පාලනය යටතේ පවතින e ප්‍රමාණය ඉදිරිපත් කිරීම උදෙසා භාවිතාවන මිනුම ඔක්සිකරණ අංකය ලෙස සැළකේ. එහිදී මූල්‍යමය අවස්ථාවේදී ඔක්සිකරන අංකය ශුන්‍ය බවත්, න්‍යෂ්ටියේ පාලනයට අලු‍තින් ඉලෙක්ට්‍රෝන එකතුවීම ඍණ ඔක්සිකරණ අංක ඇතිවීමට හේතුවන බවත් න්‍යෂ්ටියේ පාලනයෙන් ඉලෙක්ට්‍රෝන ගිලිහී යාම ධන ඔක්සිකරණ අංක ඇතිවීමට හේතුවන බවත් සැලකේ.

තෝරාගත් මූලද්‍රවය පරමාණුවක් විසින් දෙනු ලබන ප්‍රභේදයකදි බන්ධන සෑදීම පිණිස පිටකරන්නා වූ හෝ ලබාගන්නා වු හෝ හවුලේ තබාගන්නා වූ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අදාළ ප්‍රභේදයේදී එම පරමාණුවේ සංයුජතාවය ලෙස අර්ථ දැක්වේ.

 

Archives

Categories

  • No categories
© e-chemistry Academy. All rights reserved. |Digital Partner AgE